English (United Kingdom)Sinhala (Sri Lanka)Tamil-Sri Lanka
Hits smaller text tool iconmedium text tool iconlarger text tool icon

තමන් නිහතමානී වන්නේ නම් ඕනෑම අයෙකුට ක්‍ෂෙත‍්‍රයේ ඉහළටම යා හැකියි.

…… අමාත්‍ය ජගත් පුෂ්පකුමාර පවසයි

ලැබෙන තනතුරේ නිහතමානිව කටයුතු කරන්නේ නම් ඕනෑම අයෙකුට තමන්ගේ ක්‍ෂෙත‍්‍රයේ ඉහළටම යාමට අවස්ථාව තිබෙන බව පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මැතිතුමා පවසයි.

ඒ සඳහා හැකියාව මෙන්ම කැපවීම වඩාත් වැදගත් වන බවද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

අමාත්‍යවරයා මෙසේ ප‍්‍රකාශ කළේ පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍යාංශය වෙත බඳවාගත් අභ්‍යාසලාභී උපාධිධාරින් හා සංවර්ධන නිලධාරින් සඳහා පුහුණු වැඩසටහනට සහභාගි වෙමිනි.

මෙම වැඩසටහන පසුගියදා ඇඹිලිපිටිය නායකත්ව සංවර්ධන මධ්‍යස්ථානයේ දී පැවැත්විණි.

දින 3 ක් පුරා පැවති මෙම වැඩසටහන සඳහා අභ්‍යාසලාභි උපාධිධාරින් හා සංවර්ධන නිලධාරින් 250 ක් පමණ සහභාගි වූ අතර, දේශන, ශාරිරික යෝග්‍යතා වැඩසටහන්, සංස්කෘතික වැඩසටහන් හා විෂයානුබද්ධ පුහුණුවීම් සිදු කෙරුණු අතර මෙය පුහුණුවට සහභාගි වූ මූලික කණ්ඩායමයි. ඉතිරි කණ්ඩායම් පුහුණුව ඉදිරියේදී පැවැත්වීමට නියමිතය.

මෙහිදී පුහුණුවට සහභාගි වූ සෑම නිලධාරියෙකු සඳහාම සහතික පතක් පිරිනමන ලදී.

මෙම අවස්ථාවට එක් වෙමින් පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මැතිතුමා වැඩිදුරටත් පවසා සිටියේ පළමු වසරේ සිට උපාධිය ලබාගැනීම දක්වා නිදහස් අධ්‍යාපනය භුක්ති විදිමින් මහජන මුදලින් අධ්‍යාපන හැදෑරූ බව කිසිවිටෙකත් අමතක නොකරන ලෙසත්, එමනිසා එම`ගින් මහජනතාවට සේවය කිරීම ඔබගේ වගකීම බව මැනවින් තේරුම් ගත යුතු බවයි.

එමනිසා අදට නියමිත කාර්යය අදම අවසන් කිරීමෙන් යහපත් මහජන සේවයක් ජනතාව වෙත ලබාදිය හැකි බවත්, මෙවන් පුහුණුවකින් අනතුරුව ඔබ ඒ පිළිබඳව මැනවින් තේරුම් ගෙන ඇති බව විශ්වාස කරන බවත් මෙහිදී අමාත්‍ය වරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

මෙම අවස්ථාවට පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් සෝමවීර, අතිරේක ලේකම් ඞී.එම්.එල්. බණ්ඩාරනායක ඇතුලු මහත්ම මහත්මීන් විශාල පිරිසක් සහභාගි විය.

පැතුම් සසංක

ගරු අමාත්‍යතුමාගේ මාධ්‍ය ලේකම්

Menu


Connect with us
දැයට කිරුළ පළමුවන ස්ථානය
certificate_small
ආයතන
සීමාසහිත හලාවත වැවිලි සමාගම (CPL)
සීමාසහිත කුරුණෑගල වැවිලි සමාගම (KPL)
Prev Next

කාබනික පොල් වගාව පිළිබඳ ශාස්ත්‍රීය සම්මන්ත්‍රණය-…

ශ්‍රී ලංකාවේ කාබනික පොල් වගාව සිදු කිරීමට වර්තමානය...

Admin User 20 නොවැ 2014 Hits:64 News and Events

Read more

ලොව විශාලතම පොල් සමුළුව ජූලි 07…

අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පූර්ණ ආශිර්වාදයෙන්, අමාත්‍ය...

Admin User 18 ජූනි 2014 Hits:6030 News and Events

Read more

Another phase of Urban Home Garden…

Another phase of Urban Home Garden Coconut Cultivation...

Admin User 20 මාර් 2014 Hits:1169 News and Events

Read more

"Kaprukai Parapurai" Programme ensuring planting…

"Kaprukai Parapurai" Programme ensuring planting of two coconut...

Admin User 10 මාර් 2014 Hits:1089 News and Events

Read more

A new programme has been launched…

A new programme has been launched enabling the...

Admin User 10 මාර් 2014 Hits:858 News and Events

Read more